උපන්දිනයේ නොවැක් පසුකළ සන්ධිස්ථානය

මැයි 23, 2024

    ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 24 කට හිමිකම් කියන වත්මන් ටෙනිස් ශ්‍රේණිගත කිරීම් හි ප්‍රථම ස්ථානයේ පසුවන සර්බියානු ටෙනිස් තරුව නොවැක් ජොකොවික් සිය 37 වන උපන්දිනය ඊයේ සැමරුවේ ජිනීවා විවෘත්ත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබමින්.

    නොවැක් හමුවේ පරාජය ලැබුවේ ජර්මන් ක්‍රීඩක යනික් හන්ෆ්මන්. ලකුණු තත්වය 6-3, 6-3 ක් ලෙස දැක්වුනා.

    ටෙනිස් වෘත්තිකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ටෙනිස් සංචාර වලදී නොවැක් වාර්තා කරන ලද 1100 වන ජයග්‍රහණය මෙයයි. ඒ අනුව ජයග්‍රහන ලැයිස්තුවේ තෙවන තැන හිමි කර ගැනීමට ජොකොවික් සමත් වී සිටිනවා.

    එහි ප්‍රථම හා දෙවන ස්ථාන පිළිවෙලින් අමෙරිකාවේ ජිමී කොනර් සහ ස්විස්ටර්ලන්තයේ රොජර් ‍ෆෙඩරර් විසින් හිමි කර ගෙන සිටිනවා.

    Latest News