සිංහ ධජය රනින් හැඩකළ මිණි කැට පායයි

මැයි 23, 2024
    ආසියානු සහය දිවි‍මේ තරගාවලියේ දී පදක්කම් හිමි කර ගත් ජයග්‍රාහි ශ්‍රී ලංකා සහය දිවිමේ කණ්ඩායම ද්විත්වය ඊයේ ශ්‍රී ලංකාව බලා පැමිණියා. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලධාරින් ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

    තායිලන්තයේ පැවති මෙම තරගාවලියේ පිරිමි මීටර 400 x 4 ‍ඉසව්වේ රන්පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. කාලිංග කුමාර, අරුණ දර්ශන, පසිඳු කොඩිකාර සහ දිනුක දේශාන් යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම ඉසව්ව සඳහා සහභාගී වුණා.

    මීටර 400 x 4 මිශ්‍ර සහය දිවිමේ ඉසව්වෙන් ද දස්කම් දක්වමින් රිදි පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. එම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, සයුරි මෙන්ඩිස් සහ නදීෂා රාමනායක සහභාගී වුණා. මීට අමතරව මෙම තරගාවලියේ දී මීටර 100 x 4 පිරිමි ඉසව්වේ සහ මීටර 100 x 4 කාන්තා යන ඉසව්වලද සිව් වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රිඩිකාවන් සමත් වුණා.

     
    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 11:11

    Latest News