කිං සංගාගේ රෝයල්ස් ජය ගනී

මැයි 22, 2024

    2024 IPL තරගාවලියේ අවසන් වටයේ තවත් තරගයක් මීට සුළු මොහොතකට පෙර අවසන් වූයේ ශ්‍රී ලංකා හිටපු නායක, සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර පිතිකරණ පුහුණුකාරිත්වය සහ අධ්‍යක්ෂ ධුරය දරණ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට අවසන් තරගය සඳහා දොර විවර කර දෙමින්.

    රාජස්තානය හමුවේ පරාජයට පත් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

    අහමදාබාද් හි පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගත් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම අවසන් වටයේ දෙවන තරගය වෙනුවෙන් එළඹෙන සිකුරාදා සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි.

    එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ඉරිදා පැවැත්වෙන IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිතයි.

    අද තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බැංගලෝර් පිළ පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තා. කෝලි ලකුණු 33ක්, පටිඩර් ලකුණු 34ක් ලබා ගත්තා. අවේශ් ඛාන් කඩුලු 3ක් සහ අශ්වින් කඩුලු 2ක් බිඳ හෙලුවා.

    ලකුණු 173ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය රාජස්තාන් කණ්ඩායම පන්දු වාර 19 ක් අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 174ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා. ජයිස්වාල් ලකුණු 45ක්, රියාන් පරග් ලකුණු 36ක් ලබා ගනිමින් රාජස්තාන් ඉනිම ශක්තිමත් කළා. මොහොමඩ් සිරාජ් කඩුලු 2ක් දවා ගත්තා.

    තරගය අතරතුර දිනේෂ් කාර්තික්ගේ දැවී යාම අවස්ථාවේ විනිසුරු තීරණය සම්බන්ධයෙන් සංගක්කාර නොසන්සුන් වන අයුරු කාගේත් අවධානය යොමු වූ කරුණක් වුනා.

    නමුත් එය තරගයේ තීරණයට එතරම් බලපෑවේ නැහැ.

    Latest News