අමෙරිකාව සොයා ආ අලුත්ම ටෝනේඩෝව

මැයි 22, 2024

    අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ තත්වයකින්, පුද්ගලයින් කිහිපදෙනෙකු මිය ගොස්, තවත් බොහෝ පිරිසක්  තුවාල ලබා තිබෙනවා.

    කුණාටුවත් සමග බොහෝ පිරිසක් අවතැන්ව ඇති බවයි, වාර්තා වන්නේ. නිවාස සහ ගොඩනැගිලි රැසකට අලාබ හානි සිදුව තිබෙනවා.

    මාර්ග රැසක ගස් කඩා වැටීම් සහ රථ වාහන රැසකට හානි වීම් ද වාර්තා වනවා. අයෝවා හි විස්කොන්සන් සහ ඊලිනොයිස් නගරවල ලක්ෂ 2 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය ඇණහිට ඇති බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

    මෙම සතියේ අමෙරිකාව පුරා වැසි සහිත කුණාටු සමග ගංවතුර අවස්ථා කිහිපයක්ම වාර්තා වුණා

    Latest News