චීනයේ මේ වෑයම තායිවාන ආක්‍රමණයකටද ?

මැයි 23, 2024

    තායිවාන ජනාධිපති විලියම් ලායිගේ පදවිප්‍රාප්තියෙන් දින තුනක් ඉක්ම යන මොහොතේ එරට කින්මෙන්, මට්සු, වුකියු සහ ඩොන්ජින් දූපත් වටා චීනය විසින් අරඹා ඇති යුධ අභ්‍යාස තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් හෙළා දැක තිබෙනවා.

    චීනයේ මෙම "අතාර්කික ප්‍රකෝප කිරීම්" වලින් දිවයිනේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා තායිපේ නාවික, ගුවන් සහ ගොඩබිම් හමුදා යවා ඇති බව එහි ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

    නමුත් චීනයේ හමුදා අංශ පවසන්නේ ඒකාබද්ධ මුහුදු ගුවන් සටන් සූදානම, මුර සංචාර, ප්‍රධාන ඉලක්ක වෙත නිවැරදිව ප්‍රහාර එල්ල කිරීම සඳහා සිය හමුදාවන්ගේ ඒකාබද්ධ සටන් හැකියාවන් පරීක්ෂා කිරීම මෙහි අරමුණ බවයි. ඒ සඳහා චීනය තුළ සහ ඉන් පිටත ඒකාබද්ධ මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කරන බව ඔවුන් වැඩි දුරටත් පවසනවා.

    කෙසේ වෙතත් දැනට ක්‍රියාත්මක අභ්‍යාසය තායිවානයට මහා පරිමාණ සන්නද්ධ ආක්‍රමණයක් සිදු කිරීමට පෙර සූදානමක් බවයි තායිවාන හමුදා විශේෂඥයෙකු වන චේ චංග් ප්‍රකාශ කරනනේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 13:09

    Latest News