ජනාධිපති රයිසිගේ අවසන් කටයුතු අද

මැයි 23, 2024

    අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. ඒ, ඔහුගේ උපන් ගම් ප්‍රදේශයවන ‘මෂ්හාද්’ නගරයේදී.

    අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මහතා ඇතුළු පිරිසට අවසන් රාජ්‍ය ගෞරවය දැක්වීමේ උත්සවය, ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඊයේ පැවැත්වුණා. මෙම අවස්ථාවට රාජ්‍ය නායකයින්, විදේශ අමාත්‍යවරුන්, තානාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය  තාන්ත්‍රිකයන් රැසක් සහභාගී වී සිටියා.

    ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉරාන ජනාධිපතිවරයාට ‍අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ටෙහෙරාන් අගනුවර පැවති රාජ්‍ය  අවසන් කටයුතුවලදී ආගමික වතාවත් සිදු කෙරුණේ, එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි  ගේ ප්‍රධානත්වයෙන්.

    Latest News