කළුතර පාලම අසල යෝධ ගසක් බිමට

මැයි 23, 2024
    කළුතර නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් කළුතර පාලම ආසන්නයේ තිබූ ගසක් කඩා වැටී තිබෙනවා.

    ඒ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දක්වා දිවෙන ප්රධාන මංතීරුව අවහිර වී ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

    ගස කඩා වැටීමත් සමග මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබූ අතර, මාර්ග යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වනවා.
    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 11:05

    Latest News