මැතිවරණ වේදිකාව කඩා වැටෙයි 9 කගේ දිවි නිම වෙයි

මැයි 23, 2024

    මෙක්සිකෝවේ සැන් පේද්‍රෝ ගාර්සා ගාර්ෂියා නගරයේ පැවැත්වුනු මැතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර ඉදි කර තිබූ වේදිකාවක් කඩා වැටී තිබෙනවා.

    අනතුර හේතුවෙන් කුඩා දරුවකු ඇතුළු 9 දෙනෙකුට දිවි අහිමි වී තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් අල්වාරෙස් මේනෙස් සමාජ මාධය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ප්‍රදේශයට බලපෑ අධික සුළං තත්වය මෙම අනතුරට හේතුව වූ බවයි.

    අනතුර සිදු වන අවස්ථාවේ වේදිකාව මත පිරිසක් රැඳී සිට ඇති අතර අපේක්ෂක මේනස් ජනතාව අමතමින් සිට ඇත. අනතුරත් සමග ඔහු ආරක්ෂිත ස්ථානයක් සොයමින් දිව යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයන්හි සන්සරණය වෙමින් බවතී.

    අනතුර සිදු වූ වේදිකාවේ සංගීත ප්‍රසංගයක් සූදානමින් තිබී ඇති අතර එහි විදුලි ආලෝක පද්ධතිය සහ වේදිකාව රැස්ව සිටි ජනතාව මතට පතිත වන අයුරු දිස්වේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 16:29

    Latest News