සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්රේමදාස සහ එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්රතික්ෂේප කළා.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කරනු ලැබ ඇති පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ට අධිකරණය අද කල් ලබා දුන්නා.

ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම්පත සහ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ලට අදාළ නඩු කරය ඉකුත් 27 වනදා විවෘත අධිකරණයේ කැඳවන ලෙස තමන් නීතිඥවරුන්ට උපදෙස් ලබා දීමක් සිදු නොකළ බව එම සිද්ධියේ මුල් පැමිණිලිකරු වන සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඔෂල හේරත් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

Latest News