අරලියගහ මන්දිරයේදී දෙපිරිසක් ගැටුමක් - 10ක් ජාතික රෝහලට

ජූලි 12, 2022

    කොල්ලුපිටිය අරලයගහ මන්දිරය තුළදී අරගලකරුවන් දෙපිරිසක් අතර, අද අලුයම 2.30ට පමණ ගැටුමක් හටගත්තා.  තුවාල ලැබූ දසදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පවසන්නේ.

    මේ වන විට 7 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, එක් අයෙකු සැත්කමකටද භාජනය කර තිබෙනවා.  රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, බොහෝ දෙනෙකුට කැපුම් තුවාල සිදුව ඇති බවයි. කාන්තාවකද ඒ අතර වනවා. 

    අරලියගහ මන්දිරයේ කාමරයක් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් හේතුවෙන් ගැටුම හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.  සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය විමර්ශන සිදු කරන අතර.

    මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.  අරගලකරුවන් අරලියගහ මන්දිරය අත්පත් කරගත් දින රාත්‍රී ද මෙවැනිම ගැටුමක් හටගෙන තිබුණා.

    Latest News