අද සිට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

දෙසැ 01, 2021

    අද (01) සිට 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) නිකුත් කර තිබේ.

    ඒ අනූව විවාහ මංගල්‍ය සඳහා උත්සව ශාලාවල ඉඩ ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක් හෝ උපරිම අමුත්තන් සංඛ්‍යාව 200 දෙනෙක්ට අවසර හිමිවන අතර එළිමහනේ පැවැත්වෙන විවාහ උත්සව සඳහා 250 දෙනෙකුට අවසර හිමිව තිබේ.විවාහ මංගල උත්සව සඳහා මත්පැන් භාවිත කිරීම තහනම් කර ඇත.

    වෙළෙඳ සැල්, ෆාමසි සහ සුපිරි වෙළෙඳසැල් සඳහා එකවර ඇතුල්විය හැකි සංඛ්‍යාව එහි ඉඩ ප්‍රමාණයෙන් 1/3ක පිරිසකට පමණි.

    කොණ්ඩා කපන ස්ථාන සඳහා පැමිණිය හැක්කේ පෙර වේලාවන් වෙන් කර ගන්නා පාරිභෝගිකයින්ට පමණයි.

    ආර්ථික මධ්‍යස්ථාන, සති පොළවල්, ජංගම වෙළෙඳුන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වැඩ කටයුතු පැවැත්වේ.

    ආගමික ස්ථාන සඳහා බැතිමතුන් පැමිණීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතුවේ.

    සිනමාශාලා සඳහා ආසන පහසුකම් අනුව 75%ක පිරිසකට ඇතුල්වීම අවසර හිමිව ඇති අතර ක්‍රීඩා තර​ඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවසර ලබාදී නොමැත.

    ශාලාවල පැවැත්වෙන පෞද්ගලික උත්සව සඳහා උපරිම 100 දෙනෙකුට සහභාගිවිය හැකි අතර නිවස තුල පැවැත්වෙන උත්සවයකට සහභාගිවිය හැකි සංඛ්‍යාව 10කට සිමා කර ඇත.

    උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා පම​ණක් උපකාරක පංති පැවැත්විය හැකියි. එකවර සහභාගිවිය හැකි ප්‍රමාණය ඉඩ ප්‍රමාණයෙන් 50% ක් වන ලෙසයි, නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ. පාසල් පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණ අනූව ක්‍රියාත්මක කෙරේ. 

    3

    4

    Last modified on බදාදා, 01 දෙසැම්බර් 2021 10:06

    Latest News