සුඩානයෙන් දැඩි උෂ්ණාධික කාලගුණයක්

මාර් 19, 2024

    දකුණු සුඩානයෙන් මේ වන විට දැඩි උෂ්ණාධික කාලගුණයක් වාර්තා වනවා.

    ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉදිරි දින කිහිපය තුළදී සෙල්සියස් අංශක 45  දක්වා ඉහළ යා හැකි බවයි, කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.

    මේ හේතුවෙන් දකුණු සුඩානයේ සියලුම පාසල් වසා දැමීමට නියෝග කර තිබෙනවා.

    බලධාරීන් පැවසුවේ ළමයින් ගෘහස්ථව රැඳී සිටිය යුතු බවත්, ආන්තික කාලගුණය අවම වශයෙන් සති දෙකක්වත් පැවතිය හැකි බවත්ය. අධික උණුසුම හේතුවෙන් දැනටමත් මරණ කිහිපයක්ම වාර්තා වී ඇති බවයි, නිලධාරීන් කියා සිටියේ.

    උණුසුම නිසා විදුලිය විසන්ධි වීමත් සමඟ දකුණු සුඩානයේ "ජුබා" අගනුවර ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචිකරුවන් අතිශය පීඩාවට පත්වීමට සිදු වූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ. "ජුබා" නගරයේ ඊයේ දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 ඉක්මවා තිබූ බවයි, එරට මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.

    අධ්‍යාපන, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යාංශ පසුගියදා ප්‍රකාශ කළේ සිසුන්ට එල්ල වන "බරපතල සෞඛ්‍ය අනතුරු" හේතුවෙන් සියලුම පාසල් අප්‍රේල් 3 වනදා දක්වා වසා තැබීමට නියමිත බවයි, දකුණු සුඩාන වාර්තා පෙන්වා දෙන්නේ.

    Latest News