අමෙරිකාවේ බැංකුවක සමූහ මිනිස් ඝාතනයක්

අප්‍රේ 11, 2023

    අමෙරිකාවේ කෙන්ටකී ප්‍රාන්තයේ, ලුයිස්විල් නගරයේ බැංකුවක සිදු වූ වෙඩි තැබීමකින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම බැංකුවේම සේවකයෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවයි, වාර්තා වන්නේ.

    එම පුද්ගලයා සමූහ වෙඩි තැබීම සිදු කරන අයුරු ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සජිවීව ප්‍රචාරය කිරීමට ද ක්‍රියා කර තිබුණා.

    මිය ගිය 5 දෙනා අවුරුදු 40 ත් 64 ත් අතර වයස්වල පසුවන්නන්. තවත් 9 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

    ඉන් එක් අයෙකු මීට සති දෙකකට පෙර නවක පොලිස් නිලධාරියෙකු ලෙස සේවයට එක් වූ අයෙක්. ඔහුගේ හිසට වෙඩි තැබී ඇති අතර, මොළයේ ශෛල්‍ය කර්මයකින් පසු ඔහු තවමත් අසාධ්‍ය තත්වයේ පසුවනවා.

    වෙඩි තැබීම ආරම්භ වී මිනිත්තු 3 ක් ඇතුළත පොලීසිය එම ස්ථානයට පැමිණි අතර, එහිදී ප්‍රහාරකයා සහ පොලීසිය අතර මාරාන්තික වෙඩි හුවමාරුවක් සිදු වූ බවයි, වාර්තා වන්නේ.

    ඉන් වෙඩික්කරු ද මාරාන්තික තුවාළ ලබා තිබෙනවා. වෙඩි තැබීම සිදු කර ඇත්තේ, කොනර් ස්ටර්ජන් නැමති 25 හැවිරිදි පුද්ගලයෙක්.

    Latest News