හයිටි බිලිගත් කොලරාව

නොවැ 16, 2022

    හයිටි රාජ්‍යයේ පැතිරෙමින් ඇති දරුණු කොළරා රෝගය හේතුවෙන් කැරීබියානු දූපත් සමූහයට අයත් රාජ්‍යන් වඩාත් අවදානමකට ලක්ව ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කොළරා වසංගතය මැඩලීමට එරට  බධාරීන් ජාත්‍යන්තර සහය ඉල්ලා සිටිනවා.

    හයිටි රාජ්‍යයේ ශීඝ්‍රයෙන් පැතිර යන කොළරා රෝගය හේතුනේ පුද්ලයින් 155 දෙනෙකු මේ වන විට මිය‍ ගොස් ඇති බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා. 7000 කට අධික සංඛ්‍යාවක් රෝහල් ගත කර තිබෙනවා.

    එක්සත් ජාතීන්ගේ මානූෂීය කටයුතු සම්බන්ධිකරණ කාර්යාලය ඉකුත් ඔක්තෝබර් මස හයිටි රාජ්‍ය‍යේ පැතිරෙන්නට ගත් කො‍ළරා වසංගතය පාලනය කිරීමට අවශ්‍ය ආධාර සැපයීමට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඩොලර් මිලියන 145 ක් ඉල්ලා සිටියා.

    ‍ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ හයිටි රාජ්‍යයේ කොළරා එන්නත් සැපයීමට සමාගම් සහ ජාත්‍යන්තර සංවිධානවලට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බවයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අමෙරිකා ශාඛාව, ජාත්‍යන්තර මාධ්‍යයට  පවසා ඇත්තේ, එන්නත් සඳහා ඉල්ලීමක් සකස් කිරීමේදී මෙන්ම එන්නත් කිරීමේ ව්‍යාපාර සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා හයිටි රාජ්‍යයට සහය දක්වන බවයි.

    මේ අතර, දරිද්‍රතාවය, සනීපාරක්‍ෂාව සහ  පිරිසිදු ජලය සඳහා ප්‍රවේශය නොමැති කම හේතුවෙන් හයිටි වැසියන් දහස් ගණනක් අවදානමට ලක්ව තිබෙනවා.

    ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ, පුද්ගලයින් පන් ලක්‍ෂයකට අධික ප්‍රමාණයක් කොළරාව වැළදීමේ අවදානමක පවතින බවයි. හයිටි රාජ්‍යයේ පැතිරෙමින් ඇති දරුණු කොළරා‍ රෝගය හේතුවෙන්, කැරීබියානු දූපත් සමූහයට අයත් රාජ්‍යයන් වඩාත් අවදානමකට ලක්ව ඇති බවද, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    Latest News