තව්හිද් ජමාද් සහය දැක්වු පාර්ලිමේන්තු සේවකයා රැගෙන එයි.....ස්ථාන කිහිපයක් පරික්ෂාට (විඩියෝ)

මැයි 21, 2019
  • ජාතික තව්හිද් ජමාද් ත්‍රස්ත සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගැනුණු පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සුචිගත කිරීමේ නිලධාරියා අද පාර්ලිමේන්තුවට රැගෙනවිත් තිබේ.

    ජමාල්ඩීන් නව්ෂාඩ් නමැති සැකකරු මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායකයා සමඟ සමීප සබඳතා පවත්වා ඇතැයි හෙළි වී තිබේ. 2006 වසරේ සිට ඔහු පාර්ලිමේන්තුවේ සේවය කර ඇති බව ද පැවසේ. ඔහුව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමෙන් පසු එහි ස්ථාන කිහිපයක් ආරක්ෂක අංශවල විශේෂ පරික්ෂාව සිදුවු බව වාර්තාවේ. පසුගිය 18 වැනිදා කුරුණෑගල පොල්වත්තක් පරීක්ෂා කිරීමේ දි මොහු සමඟ තවත් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඊයේ පැවසීය.

    මෙම සැකකරු මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර දී තිබේ.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 19:24

    Latest News