මූතුර් පාලම යටින් අවි සහ බෝම්බ හමුවේ

මැයි 21, 2019

    නාවික හමුදා කිමිදුම් අංශය මූතූර් ගෙංගෙයි පාලම යට ඊයේ (20) සිදුකළ මෙහෙයුමකින් අවි ආයුධ කිහිපයක් සොයා ගෙන තිබේ.

    පසුගිය 18 සහ 19 යන දෙදින තුල ගෙංගෙයි පාලම යට ධීවර දැල් වල පැටලී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ අත් බෝම්බයක් හමුවී තිබිණ. ඒ අනුව නාවික හමුදාව ගෙංගෙයි පාලම යට කිමිදුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එයින් මෙම අයුධ සොයා ගැනීම කර ඇත.

    ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් 2019 මැයි 19 සහ 20 යන දෙදින තුල ක්‍රියාත්මක කල කිමිදුම් මෙහෙයුම මඟින් බෝර තුවක්කු 03 ක්, බෝර තුවක්කු බැරල් 02 ක්, ටී 56 ගිනි අවියක් සමඟ මැගසින් 05 ක්, අත් බෝම්බ 05 ක් සහ මිමි 7.62 x 39 පතොරම් 203 ක් සොයා ගැනීමට සමත්ව ඇත. එම අවි සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මූතූර්, පොලිසිය වෙත භාර දිමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

    රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ඇති කරනු ලබන පුද්ගලයින් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සෙවීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි තවදුරටත් සිදු කරමින් සිටි.

    navyarms1 px 900 19 05 21

     

     

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 16:03

    Latest News