පාර්ලිමේන්තුව තුළ ආරක්‍ෂාව තර කර තිබෙනවා;කතානායක

මැයි 21, 2019

    පාර්ලිමේන්තු සභාව තුළ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පූර්ණ කාලීනව අවධානය යොමු කර තිබෙන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව පැවසීය. පසුගියදා පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් මෙහිදී මතුකර සිටියේ ය. ආරක්‍ෂක තත්වය සම්බන්ධයෙන් දිනපතා බුද්ධි අංශය හා අදාළ නිලධරීන් වාර්තා ලබාදෙන බවත්, පාර්ලිමේන්තු නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කෙරෙන බවත්, කතානායකවරයා සඳහන් කළේය.

    සභාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පූර්ණ කාලීනව අවධානය යොමු කර තිබෙන බවද කතානායකවරයා පැවසීය.

    Latest News