හරක්කටාට අධිකරණය නියෝගයක්

සැප් 15, 2023

    අභියාචනාධිකරණය, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ නීතිපතිවරයාට දැනුම් දීමකින් තොරව නදුන් චින්තක වික්‍රමරත්න හෙවත්, හරක්කටා නමැති සැකකරු දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට ඉවත් නොකරන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.

    සැකකරු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට නොතිසි නිකුත් කරමින්, අභියාචනාධිකරණය අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.පෙත්සම අද කැඳවනු ලැබුවේ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල හමුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ වගඋත්තරකරුවන්ට අදාළ නියෝගය නිකුත් කළ අභියාචනාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තෙක් මෙම අතුරු නියෝගය බලපැවැත්වෙන බවත්, දැනුම් දුන්නා.තමන්ට එරෙහිව නිකුත් කර ඇති රැඳවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නදුන් චින්තක වික්‍රමරත්න යන සැකකරු සිය නීතීඥවරුන් මාර්ගයෙන් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.පෙත්සම යළිත් ලබන 25 වැනිදා කැඳවීමට නියමිතයි.

    Latest News