නඩුවෙ අලුත්ම තීරණය

නොවැ 30, 2023
    අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාට කල් ලබා දුන්නා.

     

    පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නීතිඥවරියක විසින් ගොනුකළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
     
    එහිදී මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 15 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අධිකරණය වගඋත්තරකාර රොෂාන් රණසිංහ මහතාට නියම කළා.
    පෙත්සම යළි ජනවාරි මස 03 වැනිදා කැඳවීමට නියම වුණා.
    Last modified on බ්‍රහස්පතින්දා, 30 නොවැම්බර් 2023 12:38

    Latest News