ජනමත විචාරණයක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ඔක් 10, 2022

    පාර් ලිමේන්තු ඡන්ද ක්‍රමය පිළිබඳ තීරණය තේරීම් කාරක සභාවක් යෝජනා කරන බවත්, ලබන වසරේ ජූලි මාසය වන විට එම සභාව තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

    වෘත්තීයවේදීන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති හමුවකදි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා වන සභික සංඛ්‍යාව අට දහසේ සිට හාරදහස  දක්වා අඩු කෙරේ.

    ඒ අනුව, ජන සභා වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ. රටේ බහුතරය පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්‍ෂේපකරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බව, ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

    ඉදිරි‍යේදී මැතිවරණ ක්‍රමයේ සංශෝධන රැසක් ද ක්‍රියාත්මක කෙරෙනවා. ප්‍රාදේශීය සභාවේ විධායක බලය සභාපතිවරයා වෙනු‍වට කමිටුවකට ලබාදීමට අපේක්ෂිතයි. එමෙන්ම, එම සංශෝධන ද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණයට පෙර ඉදිරිපත් කෙරෙනු ඇති.                              

    එමෙන්ම, කඩිනමින් මනාප නොමැති ලයිස්තු හෝ මිශ්‍ර ක්‍රමයක් සහිත මැතිවරණයකට යා යුතු බවයි, ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ද නීති මගින් සීමා පැනවිය යුතුයි. දේශපාලන පක්ෂ නීති පිළිබඳව ද අවධානය යොමු‍කෙරෙන අතර, මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සහ සාරධර්ම පිළිබඳ නව නීති රීති ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා කියා සිටියා.

    දේශපාලන පක්ෂවල මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ උපසභාපති සහ එම පක්ෂයේ ජාතික සංවිධායක අකිල විරාජ් කාරියවසම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ මහජන ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්, ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරමින් වෘත්තිකයන්, විද්වතුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

    Last modified on සදුදා, 10 ඔක්තෝබර් 2022 12:32

    Latest News