රනිල් වික්‍රමසිංහගේ නිවස ගිනි තැබීමේ සිද්ධියට සැකකරුවන් හදුනාගැනීමේ පෙරෙට්ටුවට

ජූලි 20, 2022

    වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙස නියෝග කර තිබෙනවා. 

    ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින්.  එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ විමර්ශන සිදු කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා. 

    එම වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත්වරයා, බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් තිදෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවට යොමු කරන ලෙස නියෝග කළා.

    මෙම පෙරට්ටුව සඳහා සාක්‍ෂිකරුවන් සයදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා. 

    Latest News