IOC ඉන්ධන මිල යළි ඉහළට

පෙබ 26, 2022

    ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දීය තෙල් සමාගම (LIOC) ඉන්ධන මිල යළි ඉහළ දමා තිබේ.

    ඒ අනූව, පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර, පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 කින් ඉහළ දමා තිබේ.
    ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 15 කින්. ඒ අනුව නව මිල රුපියල් 139ක්.
    නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඉන්දීය තෙල් සමාගම සඳහන් කළේ, ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බවයි.

    අයි.ඕ.සී සමාගම පසුගිය 6 වැනිදා ද සිය තෙල් මිල ඉහළ දැමූ අතර ඒ අනූව මසක් තුළ ඉන්ධන මිල ඉහළ දැමූ දෙවන අවස්ථාව මෙයයි. 

    Last modified on සෙනසුරාදා, 26 පෙබරවාරි 2022 10:42

    Latest News