මල්ලිකා නිවාස සමිතියේ සියවස් සැමරුම...

දෙසැ 02, 2021

    මල්ලිකා නිවාස සමිතියේ “සියවසක ජයග්‍රහණය” සැමරුම් උත්සවය ඊයේ (01) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍ර ජැස්මින් ශාලාවේ දී පැවැත්විණි.  

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ මව වන මල්ලිකා හේවාවිතාරණ මැතිතුමියගේ සංකල්පයක් අනුව මල්ලිකා නිවාස සමිතිය ආරම්භ වූයේ 1920 ඔක්තෝබර් 09 වැනිදායි. අසරණ වූ කාන්තාවන්ට සහ ළමුන්ට සහන සැලසීම එහි ප්‍රධාන අරමුණ විය.  

    අග්‍රාමාත්‍යතුමා විසින් මෙම උත්සව අවස්ථාවේ දී මල්ලිකා හේවාවිතාරණ මැතිතුමියගේ ඡායාරූපයකට මල් දමක් පළඳවමින් එතුමියට ගෞරව දැක්වීය. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ද මෙම අවස්ථාවට එක්ව සිටියා ය.  

    මල්ලිකා නිවාස සමිතියේ සිය වස් සැමරුම වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් ද නිකුත් කෙරුණු අතර, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම සමරු මුද්දරය හා මුල් දින කවරය අග්‍රාමාත්‍යතුමාට සහ එම ආර්යාවට පිළිගන්වන ලදි.  අනතුරුව අග්‍රාමාත්‍යතුමා විසින්, මල්ලිකා නිවාස සමිතියේ හිටපු සභාපතිනියන් පස් දෙනෙකුට සිය වස් සමරු තිළිණ ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදි.  

    මෙම අවස්ථාවට අමාත්‍යවරු වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු කථානායක දේශබන්දු කරූ ජයසූරිය, තැපැල්පති රංජිත් ආරියරත්න, මල්ලිකා නිවාස සමිතියේ සභාපතිනි දමයන්ති ද අල්විස් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඇතුළු මල්ලිකා නිවාස සමිතියේ සාමාජිකාවෝ පිරිසක්ද සහභාගී වූහ.

    PM2 900px 21 12 02jpg

    PM3 900px 21 12 02jpg

    Last modified on බ්‍රහස්පතින්දා, 02 දෙසැම්බර් 2021 17:51

    Latest News