කොවිඩ්-19; 1520ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යයි (වීඩියෝ)

ජන 27, 2021
  • කොවිඩ්-19 රෝගය වැළඳුණු 1520ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    සුවය ලබා මෙරට දිනක් තුළ පිටව ගිය වැඩිම පිරිස මෙයයි. පූර්ණ සුවය ලබා මේ මස ආරම්භයේ සිට අද දක්වා 17,273ක් රෝහල්වලින් පිටව ගොස් තිබේ. සුවය ලබා අද පිටව ගිය පිරිසට 1520ක් ඇතුළත්.

    පොළොන්නරුව කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 447ක් සුවය ලබා පිටව ගොස් තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි 134ක් ඊයේ සහ අද පිටව ගියේය.

    PCR පරීක්‍ෂණ 16,431ක් ඊයේ සිදු කෙරිණ. මෙරට මෙතෙක් සිදුකර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 16 ලක්‍ෂ 48,684ක්.

    Last modified on බදාදා, 27 ජනවාරි 2021 23:31

    Latest News