කොවිඩ්-19; චීන කාන්තාවකට වැළඳී ඇති බවට මෙරටදී හඳුනාගෙන අදට වසරක්

ජන 27, 2021

    ශ්‍රී ලංකාවට පැමිණ සිටි චීන ජාතික කාන්තාවකට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට ප්‍රථම වර මෙරටදී හඳුනාගෙන අදට වසරක් සම්පූර්ණ වී තිබේ.

    ඊට පෙර සිටම කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම පාලනය කිරීමට අවශ්‍ය පියවර රැසක් ගෙන තිබිණ. කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජාතික ක්‍රියාකාරි කමිටුවක් පිහිටුවීම සහ මෙරටට පැමිණෙන ගුවන් මගින් පරීක්‍ෂා කිරීම සඳහා තර්මෝ ස්කැනර් යන්ත්‍ර ගුවන් තොටුපල පරිශ්‍රයේ ස්ථාපනය ඉන් ප්‍රධාන කිහිපයක්.

    චීන ජාතික කාන්තාව ශ්‍රී ලංකාවේදී පූර්ණ සුවය ලබා සිය මව්රට බලා පිටත්ව ගියේ ඉකුත් වසරේ පෙබරවාරි 20 වැනි දිනයි.

    ඇය මෙරටදී සුව අතට පත්වීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශවල දැඩි කැපවීම ලෝකයට මැනවින් පෙන්නුම් කළ අවස්ථාවක්. සෞඛ්‍ය අංශ රට තුළ කොවිඩ්-19 වසංගත තත්වය පාලනය සඳහා මේ වනවිටත් හැකි සෑම පියවරක්ම ගනිමින් සිටී.

    Latest News