නිමල් සිරිපාල ඇමති ධුරයෙන් ඉවතට

ජූලි 06, 2022

    ගුවන් සේවා අමාත්‍යාංශයපෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝග කර තිබේ.  

    පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිතුමාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරනු ඇත.

    Latest News