මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් 3ක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

අප්‍රේ 17, 2020

    නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඊයේ (16) පුල්මුඩේ, යාන්ඔය ප්‍රදේශයේ මාර්ග බාධකයකදී කේරළ ගංජා සහ හෙරෝයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ යාන්ඔය මාර්ග බාධකයේ රාජකාරි නියුතු පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ සෝදිසි මෙහෙයුමක් ඊයේ දියත් කර ඇත. එහිදී මාර්ගයේ ගමන් ගත් සැක සහිත යතුරු පැදි දෙකක් පරීක්‍ෂාවට ලක් කරන ලද අතර, එම යතුරු පැදි දෙකෙහි ගමන් ගත් පුද්ගලයින් තිදෙනා සතුව තිබී කේරල ගංජා ග්‍රෑම් 30ක ප්‍රමාණයක් සහ හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක් සොයා ගැනීමට සමත්වී ඇති අතර, එහිදී මෙම පුද්ගලයින් තිදෙනා, මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ යතුරු පැදි දෙක අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

    මෙම සැකකරුවන් වයස අවුරුදු 22 ත් 32 ත් අතර වයසේ පසුවන වන පුඩුවකට්ටු සහ කුච්චවේලි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති අතර, සැකකරුවන්, යතුරුපැදි සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුල්මුඩේ, පොලීසිය වෙත භාර දිමට කටයුතු කර ඇත.

    Latest News