නාවික හමුදාව යාපනය, වෙත්තලකේණි ප්‍රදේශයේ අද (22) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 239 ග්‍රෑම් 850 ක පමණ ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මාන්තේ වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ 31ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව තිබේ.

නාවික හමුදාව ඊයේ (22) කින්නියා සහ තඹලගමුව යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (22) දින යාපනය, වෙත්තලකේනි, කඩෙයිකාඩු දකුණු වෙරළ තීරයේදී මුහුදේ සිට ගොඩබිමට ඩිංගි යාත්‍රාවක් මගින් ගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් වී ඇත.

නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඊයේ (16) පුල්මුඩේ, යාන්ඔය ප්‍රදේශයේ මාර්ග බාධකයකදී කේරළ ගංජා සහ හෙරෝයින් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව ඊයේ(16) මන්නාරම, කරිසල්පාඩු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි ලෙස හක් බෙල්ලන් ලඟ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගන්නා ලදි.

බලපත්‍ර නොමැතිව මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරතවූ පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට සමත් ව ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදුකරන ලද සංචාරයන් මඟින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 260ක් හා අයිස් කිලෝ 56ක් පමණ නාවික හමුදා බාරයට ගෙන තිබේ.

නාවික හමුදාව ගැඹුරු මුහුදේ සිදු කළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 500ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 500ක් සොයා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා පැවසීය.

Latest News