මාන්තේ වෙරළෙන් කේරළ ගංජා 31kg ක් සොයා ගනී

ජන 27, 2021

    මාන්තේ වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ 31ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්ව තිබේ.

    ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම මාන්තේ ප්‍රදේශයේ ඊයේ (26) සිදු කළ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 31 ක පමණ කේරළ ගංජා ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    ‍උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම මාන්තේ ප්‍රදේශයේ සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී ජාවාරම් කරුවන් විසින් මාන්තේ වෙරළ තීරයට ආසන්න කටු පදුරු සහිත ස්ථානයක ගෝනි උරයක බහා සඟවා තිබූ පාර්සල් 14 ක් තුළ අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

    මෙහිදී නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 11කට ආසන්න වෙතැයි විශ්වාස කෙරේ.

    navycanabi_1.jpg

    කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා වංකාලේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කළ අතර, සැකකරුවන් සොයා මේ වන විට විමර්ශණ ආරම්භ කර ඇත.

    Latest News