අගමැතිනියගේ බ්‍රෙක්සිට් ගිවිසුම දිගින් දිගටම පැරදෙයි

අප්‍රේ 02, 2019

    ඊයේ පැවැති විවාදයක දී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ තවත් යෝජනාවලියක් පරාජයට පත් කිරීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීරුවන් කටයුතු කළේය.

    මෙලෙස දිගින් දිගටම බ්‍රෙක්සිට් යෝජනාවලිය පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්වීම, අගමැති තෙරේසා මේට දැඩි අභියෝගයක් බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ අවසන් දිනය ලෙස පසුගිය මාර්තු 29 වැනිදා නම්කර තිබූ නමුත්, අදාළ දිනය වන විට එම ක්‍රියාවලිය සිදු කිරීමට හැකිවූයේ නැහැ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ පැවති විවිධ මතවාදයන් ඊට හේතු විය.

    මේ වන විට බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය සම්පූර්ණකර ගැනීම සඳහා අප්‍රේල් 12 වැනි දා දක්වා කාලය හිමිව තිබේ. කෙසේ වෙතත් යුරෝපා සංගමය මේ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ, මධ්‍යස්ථ පිළිවෙතක්. අගමැති තෙරේසා මේ ද බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ශක්තිමත්ව කටයුතු කරමින් සිටින බව, මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

     

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 09:55

    Latest News