බ්‍රෙක්සිට් ගොඩදාන්න අලුත් යෝජනාවලියක්

මැයි 22, 2019

    බ්‍රෙක්සිට් ගිවිසුම සඳහාම නැවතත් නව යෝජනාවලියක් ගෙන එන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පවසයි.

    මෙය, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බ්‍රෙක්සිට් ගිවිසුම බලාත්මක කිරීම සඳහා ලැබෙන අවසන් අවස්ථාව බවයි අගමැතිවරයි පවසන්නේ. මහ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දී බ්‍රෙක්සිට් ක්‍රියාවලිය පිළිබඳ කතාවක් සිදු කරමින් ඇය මේ බව කියා සිටියාය.

    බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය හෙවත්, බ්‍රෙක්සිට් ගිවිසුමට අදාළ නව යොජනාවලියට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරිය පවසයි. නැතහොත්, ජනමත විචාරණයකට යෑමට යෝජනා කරන බවයි, ඇය පවසන්නේ. යම් හෙයකින් මෙම යෝජනාවලිය අනුමත නොවුනහොත් බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමයේන ඉවත්විය නොහැකි වෙයි. මීට පෙර අවස්ථා කිහිපයක දීම මේ සම්බන්ධ යෝජනාවලියන් ඉදිරිපත් කිරීමේ දී අග්‍රමාත්‍ය තෙරේසා මේට පරාජයට පත්වීමට සිදුවිය. මෙවර එය අඩුපාඩු නිවැරදි කර නව මුහුණුවරකින් එය ඉදිරිපත් කරන බවයි, ඇය පවසන්නේ.

    Last modified on බදාදා, 22 මැයි 2019 08:36

    Latest News