අද T20 තරගයට පැතුම් හා ප්‍රමෝද් ට අවස්ථාව

ඔක් 25, 2022

    ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අද ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරගය සඳහා සහභාගී වීමට ආබාධයන්ට ලක් වූ පැතුම් නිස්සංකට සහ ප්‍රමෝද් මධුශාන්ට හැකියාව පවතින බව, වාර්තා වනවා.

    තරගය, අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ආරම්භ වන්නේ, පර්ත් හිදී.

    ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයට පත් වුණේ, පළමු වටයේ නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගයේදී. ඒ අනුව, ඔහුට සුපිරි ‍12 වටයේ අයර්ලන්තය සමග පැවති තරගය අහිමි වුණා. වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුශාන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවති තරගයේදී ආබාධයට ලක් වුණා. ඒ අනුව, ඔහුට පසුගිය තරග දෙකම අහිමිව ගියා. කෙසේ වෙතත්, ඊයේ පැවති යෝග්‍යතා පරීක්ෂණයෙන් පැතුම් සහ ප්‍රමෝද් දෙදෙනාම සමත් වුණා. ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ, අයර්ලන්තය පරාජය කරමින්. අද ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන ඔස්ට්‍රේලියාව සුපිරි ‍12 වටයේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ පරාජයට පත් වුණා.

    Latest News