පුරවැසිභාවය නැති ගෝඨාභයට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට කිසිදු අයිතියක් නෑ

අගෝ 16, 2019

    මෙරට පුරවැසිභාවය නොමැතිව ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත්වීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුවයි. මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළ හර්ෂ ද සිල්වා මහතා...

    “සමහරු අපේ පුරවැසිභාවය එපා කියලා ඒක කුණු බක්කියට දාලා වෙන රටවල්වල පුරවැසිභාවය අරගෙන තියෙනවා. නැවතත් ඒ ද්විත්ව පුරවැසිභාවය අයින් කරලා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ගත්තැයි කියලා කියනවා. ඉතිං ඕවා තියෙනව නම් ඒවා පෙන්වන්න එපැයිනේ. අපිට ප්‍රශ්නයක් නැහැ පුරවැසිභාවය තියෙනවනම් අපි ඕන වෙලාවක ඒ අභියෝගයට අපි සූදානම්. ඉස්සෙල්ලම පුරවැසියෙක් වෙන්න එපැයැ අප්පා රටේ ජනාධිපති වෙන්න කලින්. අපිට වෙන රාජපක්‍ෂලා බැසිල් ඇරෙන්න පුරවැසිභාවයේ ගැටලුත් නැහැ. හැබැයි ඉතිං මේගොල්ලෝ අමෙරිකාවේ පුරවැසියෝ කියලා අපි කවුරුත් දන්නවා. දැන් අමෙරිකාවේ පුරවැසියෝ නෙමෙයි නම්, ලංකාවේ පුරවැසියෝ නම් සදාචාරාත්මක ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. නීතිමය ප්‍රශ්නයකට වඩා“ යැයි හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

    Latest News