සාපෙළ අයඳුම්පත් භාරගැනීම 31 තෙක් දීර්ඝ කෙරේ

මැයි 21, 2019

    අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාග සඳහා පාසල් හා පෞද්ගලික අයඳුම්කරුවන්ගේ අයඳුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2019.05.31 දින දක්වා දීර්ඝ කර තිබේ.

    අයදුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේ අයඳුම්පත් සහතික කිරිම සඳහා පවත්නා තත්වය මත ග්‍රාම නිලධාරී මගින් සිදු කිරීමට නොහැකි වන අවස්ථාවල දී අදාළ ප්‍රධානියා මගින් සහතික කොට ඉදිරිපත් කරනු ලබන අයඳුම්පත් ද භාර ගැනීමට කටයුතු සළසා තිබෙන බවයි, විභාග කොමසාස් ජනරාල් බී.සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ.

    වැඩිදුර තොරතුරු ගැන ගැනීමට පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව - 011-2784208/011-27884537/011-3188350/011-3140314 හා ක්ෂණික ඇමතුම් අංකය - 1911 ඇමතිය හැකියි.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 15:59

    Latest News