සිසුන් පාසල් වෙත පැමිණීම සාමාන්‍ය පරිදි (ඡායාරූප)

මැයි 21, 2019

    දිවයින පුරා අද දින සිට පාසල් වෙත සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදුවූ බව අප වාර්තාකරු පවසයි.

    සැම පාසලක ආරක්ෂාව වෙනුවෙන් යුධ හමුදාව සහ පොලිසිය එකාබද්ධව ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර තිබේ. පාසලට පැමිණි ළමුන් අමතර බෑග රැගෙන එමෙන් වැළකි සිටි අතර දිනට අධ්‍යයන කටයුතු සදහා අවශ්‍ය පොත්පත් පමණක් පාසල් ළමුන් රැගෙන එනු ලැබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.


    සියලුම පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ ප්‍රමුඛතම කාර්ය ලෙස සළකා සියලු ආරක්ෂාව ලබාදී තිබෙන බැවින් දරුවන් අද දිනයේ සිට පාසල වෙත යැවීමට කටයුතු කරන ලෙස යුධහමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේය.

    රට රකින ජාතිය ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අප රටේ සියලු පුරවැසියන්ගේ දේපලවලත් ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම කැපවීමෙන් සිටින බවත් අප රටේ අනාගතය වන ළමා පරපුර ආරක්ෂා කිරීම ප්‍රමුඛත්වයක් ලෙස සළකා පාසල්වලට ආරක්ෂාව සපයා ඇති හෙයින් සියලු සිසු දරුවන් පාසල් වෙත යොමුකරන ලෙසයි යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. එමෙන්ම දිවයින පුරා දියත්කර ඇති ආරක්ෂක වැඩපිළිවෙළ වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවංක සහයෝගය ලබා දෙන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    DSC08772

    DSC08761

    DSC08748

    DSC08779

    DSC08741

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 10:44

    Latest News