කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

ජූලි 05, 2023

    කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක දසදහසේ සීමාව පසුකරමින් ඊයේ (04) දිනයේ දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය.

    දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වීමත් සමඟම මෙම ඉහළ යෑම වාර්තා වූ අතර, මේ අනුව දිනය අවසානයේ සමස්ත පිරිවැටුප රුපියල් කෝටි 741ක් ලෙස පෙන්නුම් කෙරිණි.

    දින 5ක නිවාඩුවකින් පසු කොටස් වෙළෙඳපොළ දෛනික කටයුතු ඊයේ (04) ආරම්භ කෙරුණු අතර ආරම්භයේ සිටම වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.

    ඒ අනුව කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකය වන S&P SL20 හෙවත් සියලු කොටස් මිල දර්ශකය ඒකක දසදහසේ සීමාව පසු කළේය. දිනය නිම වන විට ඒකක 10076.64ක් ලෙස එහි අගය දැක්විණි. එය පෙර දිනයට සාපේක්ෂව සියයට 6.71ක් නැතහොත් ඒකක 633.69ක වර්ධනයක විය.

    දිනය අවසානයේ සමස්ත පිරිවැටුම රුපියල් කෝටි 741ක් ලෙස දැක්විණි. සියලු කොටස් මිල දර්ශකය මින් පෙර ඒකක 10,000 සීමාව පසු කර තිබුණේ මීට මාස 16කට පෙරය. මෙය මාස 16කට පසු වාර්තා වූ වැඩිම දෛනික පිරිවැටුප ලෙස සැළකේ.

    Latest News