මාස 10කදී කොටස් වෙළෙඳපොළ 50%කින් ඉහළට

ඔක් 30, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම වාර්තාව නැවත වරක් අලුත් කරමින් මෙතෙක් ඉතිහාසයේ වැඩිම අගය ඊයේ (29) වර්තා කළේය.

    ඒ අනූව, ඊයේ දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,162.93 ක් ලෙසින් සටහන් වූ අතර එය පූර්ව දිනයට සාපේක්ෂව ඒකක 25.08 ක් හෙවත් 0.25% ක ඉහළ යාමක් වේ.

    මේ අතර S&P SL20 දර්ශකය ද ඉතිහාසයේ ඉහළම අගය සනිටුහන් කිරීම ඊයේ දිනයේ දී සිදුවුයේය. ඒ දිනය අවසානයේ දී ඒකක 3,708.52ක් දක්වා ඉහළ යාමත් සමඟිනි.

    කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වාර්තා අනුව, මෙ වසරේ මුල් මාස 10 තුළ දී සියලු කොටස් මිල දර්ශකයට අනුව 50.02 කින් හා S&P SL20 දර්ශකයට අනුව 40.58% කින් කොටස් වෙළෙඳපොළ වර්ධනය වී ඇත.

    අද දින පිරිවැටුම රු.බිලියන 4.93 ක් ලෙස සටහන් වි තිබේ. එයින් රු. බිලියන 4.90 ක් දේශීය මිල දී ගැනීම්වලින් ඉපැයිමකි. එහිදී විදේශීය මිල දී ගැනීම් රු.මිලියන 29.10 ක් වැනි කුඩා මට්ටමක පැවතිණ.

    දේශීය විකුණුම් රු.බිලියන 4.50 ක් හා විදේශීය විකුණුම් රු.මිලියන 432.25 ක් ලෙසින් වාර්තා විය.

    ඒ අනුව, මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ පුර්ණ වශයෙන් දේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය මත ක්‍රියාකාරී වන ආකාරයක් පෙන්නුම් කෙරේ.

    අද දිනට සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 4,529.29 කි. එම වටිනාකම මෙම වසර තුළ දී 52.98% කින් වර්ධනය වී ඇත.

    Last modified on සෙනසුරාදා, 30 ඔක්තෝබර් 2021 14:53

    Latest News