ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදයි

ඔක් 01, 2021

    ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. "සියල්ලටම පෙර දරුවන්" යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය සමරනු ලබනවා.

    ලෝක ළමා දින ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් පැවැත්වැත් වීමට නියමිත බව වාර්තා වේ.

    එසේම, මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය ජාතික හා පළාත් මට්ටමින් වැඩසටහන් රැසක් සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News