ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි

ඔක් 01, 2022

    ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා. "සිහින දකින අපේ ලොවක් " මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන අතර, වෙනස් වන ලොවක් සවිමත් වැඩිහිටියෙක් යන්න මෙවර වැඩිහිටි දිනයේ තේමාවයි.

    1925 දී පැවති දරුවන්ගේ සුබසාධනය පිළිබඳ ලෝක සමුළුවේදී "ලෝක ළමා දිනය" සැමරීමට දිනයක් ‍යොදා ගත යුතු බව, ප්‍රකාශයට පත් කෙරුණා. ඒ  සඳහා සුදුසු දිනයක් තෝරා ගත යුතු බවට තීරණය කෙරුණේ, 1954 වසරේ දී. ඒ අනුව, රටවල් එම දිනය සැමරීම සඳහා විවිධ දින යොදා ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව  එම දිනය සමරන්නේ, ඔක්තෝබර් පළමු වැනි දිනයි.

    මෙවර ලෝක ළමා දින ජාතික උත්සවය බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවැනි අධියර පරිශ්‍රයේ පැවැත්වීමට කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යංශ කටයුතු කර තිබෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ඔක්තෝබර්  පළමුවැනිදා වැඩිහිටි දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, 1990 වසරේදී.  මෙරට වැඩිහිටි ජනගහණය මේ වන විට මිලියන 3 කට  ආසන්න වී ඇති  බවයි, ජාතික වැඩිහිටි  ලේකම් කාර්යාලය පවසන්නේ.

    වැඩිහිටි සුභසාධනය, ආරක්ෂාව සඳහා නීතිමය ප්‍රතිපාදන, සවිබල ගැන්වීම සහ ජාතික වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක  කර වීම සඳහා මේ වන විටත් අවධානය යොමු වී තිබෙනවා. වැඩිහිටි දින ජාතික උත්සවය අද සවස සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු  කර තිබෙනවා.   

    Last modified on සෙනසුරාදා, 01 ඔක්තෝබර් 2022 10:38

    Latest News