A/L ටැබ් පරිගණක ව්‍යාපෘතියට අමාත්‍ය මණ්ඩල එකඟතාවක්

පෙබ 12, 2019

    උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය 1AB, කාණ්ඩයේ සියලු පාසැල්වල ක්‍රියාත්මක කිරීමට අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එකඟතාව පළවී තිබේ.

    උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම දීප ව්‍යාප්ත ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

    නුතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සිදුවේ. ඒ සඳහා ප්‍රමුඛතාව පිරිනමමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අරමුදල සැපයිමට එකඟතාව පළ කර ඇත.

    මේ අනවු 1AB පාසල් වල උසස් පෙළ හදාරන සිසුන් ඉලක්ක කර නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. එහි ප්‍රගතිය සහ සෙසු කරුණු පිළිබඳ අවධානය යොමු කර මාස තුනකින් පසුව එය දිවයිනේ සියලූ පාසල් වෙත ව්‍යාප්ත කිරිමට සැලසුම් කර තිබේ.

    ටැබ් පරිගණක වැඩසටහනේ සමස්ත සැලසුම සහ නියමු ව්‍යාපෘතිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය විරාජ් කාරියවසම් මහතා විසින් මීලඟ අමාත්‍ය මණ්ඩල හමුවේදි ජනාධිපතිතුම, අග්‍රාමාත්‍යතුමා සහ අමාත්‍ය මණ්ඩලයට දැනුවත් කිරීමට නියමිතයි.

     

     

     

     

     

     

     

     

     

     

    Latest News