නදිමාල්ගේ රුධිරයේ මත්ද්‍රව්‍ය නැහැ (වීඩියෝ)

පෙබ 12, 2019

    ඩුබායි බ(ර්) පොලිස් අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී නදිමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව තහවුරුවේ.

    ඒ සම්බන්ධයෙන් ඩුබායි පොලීසියෙන් කළ විමසීමකදී නිලධාරීන් මේ බව තහවුරු කළ බවයි ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීමට එහි ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න ජාතික රූපවාහිනියට ප්‍රකාශ කළේ.

    එහිදී අදහස් දැක්වූ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා
    "මොවුන් දෙදෙනා ලංකාවේ ජනප්‍රිය ගායක දෙපලක් ලෙස අපි ප්‍රකාශ කළා. අපි යූ-ටියුබ්වල ඇති වීඩියෝ දර්ශන පෙන්වා ඒවා නරඹා ඇති ප්‍රමාණය ගැන සඳහන් කර ඔවුන්ගේ ජනප්‍රියත්වය සම්බන්ධව කරුණු දැක්වීමක් සිදු කළා. මොවුන් පිය-පුතු දෙපලක් බවත් ඔවුන් පැමිණ ඇත්තේ ඔවුන්ගේ වෘත්තීමය කටයුත්තකට බවත් මත්ද්‍රව්‍ය කාරණයකට නොවන බවත් අවධාරණය කළා. නදිමාල්ගේ රුධිර පරීක්ෂණ ප්‍රතිඵල ලැබී ඇති අතර එහි කිසිදු ආකාරයේ මත්ද්‍රව්‍යයක් අඩංගු වී නැහැ. මේ රටේ මත්ද්‍රව්‍ය බාවිතය මිනී මැරීමකට වඩා ප්‍රභල අපරාධයක් ලෙස සලකනවා" යැයි සඳහන් කළේය.

    ප්‍රේමරත්න මහතා ඉරිදා දිනයේ අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා නිල වශයෙන් හමුවීමට නියමිතයි. අත්අඩංගුවට පත් 31 දෙනා අතර විදේශිකයන් හා කාන්තාවන් කිහිපදෙනෙක් ද සිටිනවා යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News