නිරෝධායනය වන පොලිස් නිලධාරීන්ට වැටුප් ඇතුළු සියලු දීමනා..

දෙසැ 05, 2020

    නිරෝධායනය වන පොලිස් නිලධාරීන්ට රාජකාරියේ නිරත අවස්ථාවේ හිමි වැටුප් ඇතුළු සියලු දීමනා ලබාදෙන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

    විපක්ෂය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    අයවැය කාරක සභා අවස්ථාවේ අද විවාදයට ගැනෙන්නේ වරාය හා නාවික සංචාරක යන අමාත්‍යාංශ සහ තවත් රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂයි. මේ අතර ඊයේ වෙළෙඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය ද පැවැත්විණ.

    Latest News