වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රතිකාර ලබාදීම අද හොරණින් ඇරඹේ

පෙබ 08, 2024
    හිදිසි ප්‍රතිකාර සඳහා යොමු කෙරෙන රෝගීන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රතිකාර ලබාදීම, හොරණ දිස්ත්‍රික් මහ රෝහලෙන් ආරම්භ කර තිබෙනවා. ඒ, නියමු ව්‍යාපෘතියක් ලෙසයි.

    ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර සේවා පද්ධතිය සවිබල ගැන්වීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ යටතේ, සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් හා අධීක්ෂණය ‍යටතේ.

    මෙම ව්‍යාපෘතිය මගින් රෝගියාගේ ජීවිත අවදානම ඇති මුල් පැය තුළ තෘතීක රෝහල්වල මෙන්ම, ඕනෑම ස්ථානයක සිටින වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් ඉතා කෙටි කාලයක් තුළ එම තාක්ෂණය ඔස්සේ ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.
    එමගින්, නිසි ‍රෝග විනිශ්චයකින් පසු මූලික ප්‍රතිකාර සහ ඖෂධ ලබා දී රෝගියාගේ ජීවිත අවදානම අවම කිරීමටයි, ක්‍රියා කරෙන්නේ. මෙහිදී, විශේෂඥ වෛද්‍යවරුන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගියා පරීක්ෂා කිරීමේ හැකියාව ලැබීම විශේෂත්වයක්.
    මීට පෙර මෙය ක්‍රියාත්මක කෙරුණේ, ශ්‍රව්‍ය මාධ්‍ය ඔස්සේ පමණයි. මෙම සේවාවට අදාළව 070 – 5000 450 ඇතුළත් හදිසි ඇමතුම් අංකයක් ද හඳුන්වා දී තිබෙනවා.
    Last modified on බ්‍රහස්පතින්දා, 08 පෙබරවාරි 2024 15:30

    Latest News