අභ්‍යවකාශයේ වැඩ දාන රුසියානු වැඩ්ඩා

පෙබ 07, 2024
    අභ්යවකාශයේ වැඩිම කාලයක් ගතකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට රුසියානු ගගනගාමියකු වන ඔලෙග් කොනොනෙන්කෝ සමත්ව තිබෙනවා.

    ඔහු මේ වාර්තාව පිහිටුවා ඇත්තේ පස් වතාවක්ම අභ්යවකාශයේ මෙහෙයුම්වලට එක්වීමෙන් බවයි, විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.

    ගුවන් ඉංජිනේරුවකු ලෙසත්, අණදෙන නිලධාරියකු ලෙසත් වසර දෙකහමාරක් පුරා විවිධ මෙහෙයුම් සඳහා ඔහු පෘථිවියෙන් පිට අභ්යවකාශයේ ගතකර ඇති කාලය දින 878කුත්, පැය 12ක් බව වාර්තාවනවා.
     
    59 හැවිරිදි ඔලෙග් විසින් බිඳ දමා ඇත්තේ මීට පෙර දින 878කුත්, පැය 11ක් සහ මිනිත්තු 29ක් අභ්යවකාශයේ ගතකරමින් රුසියාවේහිම ජෙනේඩි පඩල්කා විසින් තැබූ ලෝක වාර්තාව බවත් විදෙස් මාධ්ය සඳහන් කරනවා.
     
    පසුගියදා ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ දී සිය ජයග්රහණය සමරා තිබෙනවා.
    ගගනගාමියකු ලෙස වැඩි කාලයක් අභ්යවකාශයේ ගතකිරීමට බලාපොරොත්තු වූයේ වාර්තා තැබීමට නොව එය කුඩා වියේ සිට තම සිහිනය බවට පත්ව තිබීම හේතුවෙන් බව ඔහු ප්රකාශ කර තිබෙනවා.
     
    ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා සිට රුසියානු අභ්යවකාශ මෙහෙයුමක් සඳහා ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයට ගොස් සිටින අතර, ලබන ජූනි මස 5 වැනිදා වන විට අභ්යවකාශයේ දින දහසක් සම්පූර්ණ කරනු ඇතැයි ද වාර්තාවනවා.
     
    ඔහු නැවත පෘථිවියට පැමිණීමට නියමිතව ඇත්තේ මේ වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා බවත් සඳහන්.

    Latest News