අමෙරිකාවේ කොවිඩ් අවසන් ජනපති කියයි

සැප් 20, 2022

    ‍අමෙරිකාවේ කොරෝනා වසංගතය අවසන් බව, ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කර සිටිනවා.

    වෛරසය හේතුවෙන් මිය යන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අවස්ථාවක මෙලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව ඇතැම් මාධ්‍ය විමතිය පළ කර තිබෙනවා.

    කෙසේ වෙතත්, ජෝ බයිඩන් සඳහන් කරන්නේ, අමෙරිකාව තුළ කොරෝනා ප්‍රශ්නයක් ඇති බවයි. නමුත්, රට තුළ තත්වය යහපත් වෙමින් පවතින බවයි, ඔහු කියා සිටින්නේ.

    දත්ත වාර්තාවලට අනුව දෛනිකව අමෙරිකානුවන් 400 ක පමණ පිරිසක් කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. අමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 10 ඉක්මවා ඇති අතර, ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සහ කොරෝනා මරණ වාර්තා වූ රට බවට පත්ව ඇත්තේ ද අමෙරිකාවයි.

    ලෝක සෞඛ්‍ය  සංවිධානයේ ප්‍රධානියා ද පසුගියදා සඳහන් කර සිටියේ කොරෝනා වෛරසයේ අවසානය වැඩි ඈතක නොවන බවයි.

    Latest News