මෙරටින් තවත් කොරෝනා මරණයක් ඊයේ (30) වාර්තා විය. ඒ අනූව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 195ක්.

කොළඹ,වැල්ලම්පිටිය ප්‍රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද (24) උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට පියවරගෙන තිබේ.

වැල්ලම්පිටිය,වෙන්නවත්ත රණශූර මාවතේ දී හෙරොයින් ග්‍රෑම් 100 මිලි ග්‍රෑම් 983ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය ඊයේ (11) අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

කොළොන්නාව - වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 107ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙළඳසැල් 4ක හටගත් හදිසි ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී ගංජා කිලෝ 30යි ග්‍රෑම් 480ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලම්පිටිය තඹ කම්මලේ සේවකයෙකු වන කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැත්තා තවදුරටත් ලබන 29 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

වැල්ලම්පිටිය,නාගහමුල්ල ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමෙන් දී අයිස් ග්‍රෑම් 01ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කළ  කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැති සැකකරු ලබන 24 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය  නියම කළේය.

පාස්කු ප්‍රහාරයට මිය ගිය අය සිහිකරමින් පහන් 4000ක පූජාවක් හා ධර්ම දේශනාවක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පස්වරුවේ පැවැත්විණ.

Latest News