ලෝක ළමා දිනයේදී සත්වෝද්‍යානවලින් ඉහළ ආදායමක්

ඔක් 05, 2022

    දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සියලුම සත්ව උද්‍යානවලින් මේ වසරේ එක් දිනයක දී ලද වැඩිම ආදායම ලෝක ළමා දිනයේ දී ලබා ගැනීමට හැකි වූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

    එම දිනයේ දී ජාතික දෙහිවල සත්වෝද්‍යානය විසින් ලබා ඇති මුළු ආදායම රුපියල් 50,80,377කි. පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය ලබා ඇති ආදායම රුපියල් 9,47,000කි.

    පින්නවල සත්වෝද්‍යානය රුපියල් 9,49,200ක් ද, රිදියගම සෆාරි උද්‍යානය විසින් රුපියල් 8,56,000ක මුදලක් ද උපයා තිබේ.

    ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් දරුවන්ට හා අවුරුදු 60ට වැඩිහිටියන්ට නොමිලයේ සත්වෝද්‍යානවලට ඇතුල්වීමට අවසර ලබා දී තිබිය දීත් මෙවැනි ඉහළ ආදායමක් ඉපැයීමට හැකි වූ පළමු අවස්ථාව බව ද ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පවසයි.

    Latest News