රූපවාහිනී තිරය හැඩකරන නවතම ටෙලි පෙළහැර (වීඩියෝ)

පෙබ 25, 2019
  • ආරම්භයේ සිට දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විකාශය කරන ටෙලි නාට්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්විණ.ඒ, රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී.

    “වීරයා ගෙදර ඇවිත්“ නවතම ටෙලි නාට්‍ය ජනවාරි මාසයේ සිට සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි රාත්‍රී 8.35ට විකාශය කෙරේ. එහි තිර රචනය නාමල් ජයසිංහ. අධ්‍යක්‍ෂණය ආනන්ද අබේනායක. සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 8.30ට “අමුතු රසිකයා“ ටෙලි නාට්‍යය විකාශය කෙරෙන්නේ මේ මාසයේ සිට.
    මෙහි තිර රචනය සද්ධාමංගල සුරියබණ්ඩාර සිදුකර තිබේ.

    අධ්‍යක්‍ෂණය ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙන්. ටෙලි නාට්‍ය කලාවේ ප්‍රමිතිය ආරක්ෂා කරමින් එය වැඩි දියුණු කිරීම ජාතික රූපවාහිනියේ වගකීම බව සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද මහත්මිය ප්‍රකාශ කළාය.

    ජාතික රූපවාහිනියේ ආරාධනාවකට අනුව ඉදිරිපත් කළ තමන්ගේ තිර පිටපත් තේරී පත්වීම පිළිබඳව සතුටුවන බවයි “අමුතු රසිකයා“ සහ “වීරයා ගෙදර ඇවිත්“ නිෂ්පාදක කණ්ඩායම කියා සිටියේ. ටෙලි නාට්‍ය තෝරා ගැනීමේදී අනුගමනය කරන ක්‍රියාවලිය සහ ජාතික රූපවාහිනිය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී මාධ්‍ය දැනුවත් කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 26 පෙබරවාරි 2019 08:46

    Latest News