කාබනික පොහොර නිෂ්පාදනය දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි....(වීඩියෝ)

සැප් 11, 2021
  • කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන් මේ දිනවල දිවයින පුරා ඉතා සාර්ථකව ක්‍රියාත්මකයි.

    රජයේ රැකියා ලක්‍ෂය වැඩසටහන යටතේ, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව බඳවා ගැනුණු තරුණ-තරුණියන්, කාබනික පොහොර නිෂ්පාදන ව්‍යවසායකයන් ලෙස පුහුණු කිරීමේ වැඩසටහනක්, පසුගියදා ආරම්භ කෙරිණ.

    පන්නල, මාකඳුර තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ දී එය පැවැත්විණ. එම පිරිසට ගුණාත්මක කාබනික පොහොර නිෂ්පාදන ක්‍රමවේදයන් මෙන්ම, අලෙවිකරණය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධ ප්‍රායෝගික සහ න්‍යායාත්මක පුහුණුව හිමිවේ.

    ගාල්ල, මීපාවල ප්‍රදේශයේ ගෙවත්තක කාබනික පොහොර පමණක් භාවිතයෙන් පවත්වාගෙන යන ගෙවත්තක් මේ. විශ්‍රාමික කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයෙකු වන සෝමසිරි මදනායක මහතා විසිනුයි මෙය පවත්වා ගෙන යනු ලබන්නේ.

    Last modified on සෙනසුරාදා, 11 සැප්තැම්බර් 2021 17:26

    Latest News