පාසල් දරුවන් නිවෙස්වල සිටම ව්‍යායාම්වලට යොමු කරන්න

අප්‍රේ 30, 2021

    පාසල් දරුවන් නිවෙස්වල සිටම ව්‍යායාම්වලට යොමු කරන්නැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා දෙමාපියන්ගෙන් ඉල්ලයි.

    කොවිඩ් වසංගතයට මුහුණදෙමින් සෞඛ්‍යසම්පන්න බව ආරක්ෂා කරගැනීම සඳහා පාසල් දරුවන් නිවෙස්වල සිටම ව්‍යායාම් සඳහා යොමු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මහතා අද (29) දින සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.

    ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය ඇතිව තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ twitter, Instagram, face book ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවල සහ ජාතික රූපවාහිනියේ EYE නාලිකාව හරහා සෑම උදෑසනකම දරුවන්ට ක්‍රියාශීලි දිවිපෙවතක් උදෙසා නිවෙස්වල සිට ව්‍යායාම්වලට යොමුකිරීමේ වැඩසටහන් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

    Latest News